Legal awareness programme at Bogambara prison

SLWLA organised a legal Aid Awareness Programme for the inmates of Bogambara Prisons coordinated by Mr.U.R.De Silva President’s Counsel , Senior Adviser to the Minister of Justice on 3rd April 2021. 25 Lawyers were present at the Programme.

SLWLA also distributed Packs of essential items such as Sanitary napkins, soap and face masks to 400 female inmates at the Bogambara Prison.

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" බොරැල්ල- දෙමටගොඩ මාර්ගයේ ගමන් කරන කෙනෙකු බන්ධනාගාර තාප්පයේ සඳහන් ව ඇති ඉහත වැකිය කියවමින් සහ නැවත නැවතත් කියවමින් යන අයුරු අපි දැක ඇත්තෙමු. එහෙත් ඒ මනුෂ්‍යත්වය අර්ථවත් කරන්නට ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය ඉදිරිපත් වීම සනිටුහන් වූයේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේදී ය. ඒ අප්‍රේල් මස තුන් වන දා ය. මහනුවර පරණ බෝගම්බර සහ දුම්බර බෝගම්බර බන්ධනාගාරගත කාන්තා රැඳවියන් වෙනුවෙන් පවත්වන්නට යෙදුන නීති ආධාර වැඩ සටහන සඳහා මෙවර ඔවුන් ගේ දායකත්වය වඩාත් කැපී පෙනෙන්නට විය. මවක, සොයුරියක, දියණියක සහ බිරිඳ ලෙස ගැහැනියක සතු වගකීම සුවිශේෂී වූ වත්, බන්ධනාගාර ගත වූ නිසාවෙන් ම ඈ සතු ඒ යුතුකම් සමුදාය පහසුවෙන් බැහැර කළ නොහැක. ගෙවන්නට වන දඬුවම අවසන නැවතත් ඒ වගකීම හිස දරා ගනිමින් සමාජගත වීමට ඇයට පිටුවහලක් අවැසි වන්නේ ම ය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දැනටමත් බෝගම්බර බන්ධනාගාරගතව සිටින හාරසියයක් පමණ වන කාන්තා රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් අවසන් කර ගැනීම සඳහා වූ නීති සහායය සහ උපදෙස් ලබා දීමයි. සැමවිටම කාන්තා නීතිඥ සංගමයේ කටයුතුවලදී නොමසුරුව සහාය ලබා දීමට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, අධිකරණ අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශක, ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා මහතාගේ සහභාගිත්වය මෙවරත් ආලෝකයක් වී. කාන්තා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිත්වය දරණ රුචිරා ගුණසේකර මහත්මිය,හිටපු සභාපතිනියන් සහ වත්මන් විධායක කමිටු සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම නීති ආධාර වැඩසටහන අවසන කාන්තා රැඳවියන් අවශ්‍ය භාණ්ඩ පාර්සල් බෙදා දුන් අතර ඒ සඳහා බර පැන දැරූ බොහෝ දෙනෙකි. මේ සත් කාර්යය සාර්ථක කර ගැනීමට පෙරමුණ ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සහ බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක යන මහත්වරුන් ගේ හෘදයාංගම සහයෝගය ද අගය කරමු. මේ වැඩ සටහන හා එක්වූ කලාකාරිනී සංජීවනී වීරසිංහ මහත්මියගේ පැමිණීම කාන්තා රැඳවියන් ගේ ආස්වාදයට හේතු විය.
Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison Bogambara prison

<< Back to Events page

Recent Events

Sri Lanka Women Lawyers' Association
Today's Challenges in Notarial Practice

The workshop done on 26th April, 2024 titled "Today's Challenges... Read More

~ April, 2024

Sri Lanka Women Lawyers' Association
61st Annual General Meeting Of SLWLA

Sri Lanka Women Lawyers’ Association held its 61st Annual General Meeting... Read More

~ March 2024

Sri Lanka Women Lawyers' Association
Awareness on Violence against Women and Girls and Prevention of Drug Abuse

SLWLA organised an awareness programme... Read More

~ March, 2024

Sri Lanka Women Lawyers' Association
Commeration Of International Women’s Day

The Seminar held on March 15th, 2024, to commemorate International Women’s Day... Read More

~ March, 2024